Simple Steps To Start Your Business

  1. Good Business Idea
  2. Do Market Research
  3. Write a Business Plan
  4. Know Your Finances
  5. Manage Your Self
  6. Build Your Business

පියවර 6කින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න

  1. හොඳ ව්‍යාපාරික අදහස
  2. වෙළඳපල පර්යේෂණ
  3. ව්‍යාපාර සැලැස්මක් ලියන්න
  4. ඔබේ මුදල් දැන ගන්න
  5. ඔබව කළමනාකරණය කරන්න
  6. ඔබේ ව්‍යාපාරය ගොඩ නගන්න

ස්වයංරැකියා WhatsApp | Contact Us

1. හොඳ ව්‍යාපාරික අදහස

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතන ඔබට විවිද අදහස් රාශියක් ලැබිමට පුළුවන්. මේ අතරින් වඩාත්ම හොඳ අවස්ථාව ඔබ තොරා ගත යුතුය. එම තෝරා ගැනීමට බලපාන කරුණු ප්‍රදාන වර්ග 2 යටතේ සාකච්චා කරමු.

  • ඔබේ පරිසරය
  • ඔබ අවට පරිසරය

මෙහිදී අප ප්‍රදාන වශයෙන් අරමුණු කරන්නේ ස්වයං රැකියා හෝ සුළුපරිමාණ මට්ටමෙන් ආරම්බ කරන ව්‍යාපාරික අවස්ථා වෙයි.

  • ඔබේ පරිසරය
    දැනුම
    කැමැත්ත
    දක්ෂතාවය
    මෙහිදී ඔබේ හැකියාවන් සහ කැමැත්ත ඇති ව්‍යාපාරික අවස්ථාවක් තෝරා ගැනීම ඔබට බොහෝ වාසි අත්කරයි.

  • ඔබ අවට පරිසරය
    සමාජ පරිසරය
    ආර්ථික පරිසරය
    දේශපාලන පරිසරය
    ව්‍යාපාරයක් වුවත් එය තනි පුද්ගලයෙක් ලෙස සලකා ඉහත ඇති පරිසර තත්වයන්ගෙන් සිදුවන අහිතකර බලපෑම් අවමවන ව්‍යාපාරික අදහස වෙනුවෙන් වැඩි වැදගත්කම ලබාදිය යුතුවෙයි.

2. වෙළඳපල පර්යේෂණ

ඔබේ ඊළඟ පියවර වන්නේ එය කොතෙක් දුරට සමාජයට වැදගත් වේදැයි සොයා බැලීමයි. මෙය සිදු කිරීම සඳහා, වෙළඳපල පර්යේෂණ කිරීම ඉතාම වැදගත්.
ඒ මත විශ්වාසය තබා ඉන් ඉදිරයට යෑම ඔබේ ව්‍යාපාරයේ ගැටළු හඳුනාගැනීමට බොහෝ උපකාරී වෙයි.

එමගින් පහත සඳහන් අමතර වාසි ඔබට ලැබේ.

  • ඔබේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තේරුම් ගන්න
  • තරඟකාරී ව්‍යාපාර හඳුනා ගන්න.
  • අනාගත අභියෝග හා නව්‍යකරන්යන් හඳුනා ගන්න.
  • එමගින් වඩාත්ම සාර්ථක ව්‍යාපරික සැලසුමක් සකස් කරන්න.

3. ව්‍යාපාර සැලැස්මක් ලියන්න

ව්‍යාපාර සැලැස්ම සකස් කරීමේදී එය ස්වාදීන පුද්ගලයෙක් ලෙස සිතන්න. ඔබ ඔබේ ජිවිතේ ස්වාදීන තීරකයා වනවා වගේම, ඔබේ වයපරයටද ස්වාදීන සැලසුමක් තිබිය යුතුය.

එම සැලසුම තුල, ව්‍යාපාරයේ වර්තමාන සහ අනාගත ඉලක්ක
අභියෝග, සහ අත්කර ගන්නා ජයග්‍රහණ සැලසුම් කල හැක.
ව්‍යාපාරයේ දිශානතිය සංවිධානය කිරීමට මෙය සම්පතක් ලෙස භාවිතා කරන්න.

අනාගත ඉලක්ක ජයගැනීම සිදුකරන ආකාරය පිළිබඳව පියවරෙන් පියවර පුළුල් ලෙස සකඡාකිරිම ඉතාම වැදගත්.
වෙළඳපල හැසිරීම අවබෝද කර ගැනීම
ව්‍යාපාරික ප්‍රවාහය සැකසීම
සම්පත් කළමනාකරණය
මුල්‍ය කළමනාකරණය
පසුවිපරම

4. ඔබේ මුදල් දැන ගන්න

“සල්ලි නැතුව ව්‍යපාර කරන්නේ කොහොමද” කියා ඔබ ඔබෙන්ම අසනවා ඇති. ව්‍යාපරික ලෝකයේදී අරමුදල්, යෙදවීම (ප්‍රාග්ධනය) පිළිබඳව කතාකරිම අනිවාර්ය දෙයක්. නමුත් කිසිවිටකත් සෑම විටකම මුදල් ආයෝජනය කිරීම ඔබ විසින්ම කලයුතු යැයි සිතීම අපේක්ෂා නොකරයි.

ඔබේ මිතුරන් සහ පවුලේ අයගෙන් ඉල්ලා සිටීම.
කුඩා ව්යාපාර ණයක් ලබා ගැනීම.
ප්‍රදාන හෝ දේශීය අරමුදල් සොයා ගැනීම.
ඔබේ සමාගමට සහය දීමට ආයෝජකයින් දිරිමත් කිරීම, මගින් ඔබට මුදල් සොයා ගත හැක.

5. ඔබව කළමනාකරණය කරන්න

ව්‍යාපාරයක් යනු කළමනාකරණ පද්දතියක් ලෙස හඳුනා ගන්න පුළුවන්. එසේනම් ඔබේ සිහිනය සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමනම්, ඔබ අනිවාර්යෙන්ම ඔබ විසින් ඔබවම කළමනාකරනය කරගැනීම ඉතාම වැදගත්.
ව්‍යාපරය තුලින් ඔබේ සාර්ථකත්වය ලැබීමට පෙර ඔබේ දෙයිනික කටයුතු, නිසි කළමනාකරණයක් කරන්න. ඔබේ ව්‍යාපාරය යනු ස්වාදීන පුද්ගලයෙකු බැවින් එහි අරමුණු වෙත ලඟාකර ගැනීම වගකීම් දැරීම, දක්ෂ, කරුයශුර, කළමනාකරුවෙක් යටතේ වියයුතු බව සිතන්න. ඒසඳහා සුදුසුම පුද්ගලයා ඔබම වන්න.

6. ඔබේ ව්‍යාපාරය ගොඩ නගන්න

Star Up Business

කාලය සහ මුදල් ආයෝජනය නොකර ඔබට ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනගා ගත නොහැක. ඔබට ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අලෙවිකරණ සැලැස්මක් ඔබට අවශ්‍ය වෙයි.

වර්තමාන ලෝකයේ, ව්‍යාපාරයක් ගොඩ නැගීම යනු ඔබට ශක්තිමත් වෙබ් අඩවියක් සහ සමාජ මාධ්‍ය පැවැත්මක් අවශ්‍ය වෙයි. ඔබේ ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳින් ඔබේ ව්‍යාපාරය සමීප කරවීමට ඒවා ඔබට උපකාරී වනු ඇත.

වෙබ් අඩවියක් සහ විද්‍යුත් ලිපිනයක් ඔබේ ව්‍යාපරයේ නමින් තිබීම වර්තමාන ලෝකයේ සාර්ථක ව්‍යාපාරයක් අරඹන ඔබට අනිවාර්යය වෙයි.

ඔබේ ව්‍යාපාරය ගොඩනැගීම අරඹන්න දැන් හොඳම අවස්ථාවයි. ඔබේ ව්‍යාපරයේ වෙබ් අඩවිය ගොඩ නැගීමට buylanka.lk අප හා එක්වන්න.
Click Here

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Theme: Overlay by Kaira